,
Covid-19

ඉන්දියාවේ කෝවිඩ් මරණ 50,000 ඉක්මවයි

Photo - Danish Siddiqui/Reuters

(RIVIRA.LK, 2020 අගෝස්තු 16 පෙරවරු 11.55ට)

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවේ පුද්ගලයින් 950ක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. ඒ අනුව, ඇමරිකාව, බ්‍රසීලය හා මෙක්සිකෝවට පසුව කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් 50,000කට වැඩි පිරිසක් මිය ගිය සිව් වන රට බවට ඉන්දියාව පත් විය.

එමෙන්ම, අගෝස්තු 15 වන දිනයේ දී ඉන්දියාවෙන් නව ආසාදිතයින් 63,986 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන මිලියන 2.5 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට, කොවිඩ් – 19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර තෙවැනි තැනට ඉන්දියාව පත්ව තිබෙනවා.

Rivira Ads
To Top