ක්‍රීඩා

හිරුණි විජේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

(RIVIRA.LK, 2020 අගෝස්තු 16 පස්වරු 10.12ට)

මීටර් 5000 කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට හිරුණි විජේරත්න අගෝස්තු 16 වන දින සමත් වුණා.

ඒ, ඇමරිකාවේ නැෂ්විල් හිදී පැවති මළල ක්‍රීඩා තරඟයක් අතරතුර දී ය. ඇය මෙම නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළේ මිටර් 5000 ඉසව්ව විනාඩි 16යි තත්ත්පර 17.51 කින් නිමා කරමින් ය. හිරුණි බිඳ හෙලුවේ ගෙවුණු වසරේදී නිලානි රත්නායක එම ඉසව්වෙන් බිහිකර තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිය ෆේස්බුක් ගිණුම හරහා හිරුණි විජේරත්නට සුබ පැතුම් එක්කර තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top