දේශීය පුවත්

විදුලි සැපයුම සියයට 75ක් යථා තත්වයට පත් කෙරේ

(RIVIRA.LK, 2020 අගෝස්තු 17 පස්වරු 07.22ට)

දිවයින පුරා ඇණහිට තිබූ විදුලි සැපයුම සවස 6 වන විට 75%ක් පමණ යළි යථා තත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය අගෝස්තු 17 දින පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළේ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වූ විට සමස්ත දිවයිනටම විදුලිය යළි ලබා දීම එකවර සිදුකළ නොහැකි බවයි.

උතුර, උතුරු මැද සහ ඌව ප්‍රදේශ කිහිපයක් සහ තවත් සුළු ප්‍රදේශ කිහිපයක් හැර මේ වන විට සමස්ත විදුලි සැපයුම 75%ක් පමණ යළි යථා තත්වයට පත් කර ඇති අතර තවත් පැය කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම එය යථා තත්වයට පත් කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top