කොවිඩ්-19

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,900 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 අගෝස්තු 17 පස්වරු 09.49ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 17 වන සඳුදා පස්වරු 09.30 වන විට 2,900ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 06 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 07 දෙනා අතුරින්

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි - 05
  • ඕමානයේ සිට පැමිණි - 02

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,676කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 213ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 65ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top