දේශීය පුවත්

අද සිට දින 4ක් දිනකට පැයක් විදුලිය කපයි, අවශ්‍යතාවය මත දවල්ට කපන වෙලාවත් කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 18 පස්වරු 05.24ට – යාවත්කාලීන කිරීම පස්වරු 07.50ට)

අගෝස්තු 18 සිට අගෝස්තු 21 දින තෙක් දින 04ක් දිනකට පැය 01 බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පවසනවා. එහෙත් අවශ්‍යතාවය මත දිවා කාලයේ දී ද තවත් පැය 1යි විනාඩි 45ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න කියා සිටියේ, දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා හතරකදී එම විසන්ධි කිරිම සිදු කෙරෙන බවයි. ඒ අනුව පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට 8 දක්වාත්, පස්වරු 8 සිට 9 දක්වාත් හා පස්වරු 9 සිට 10 දක්වාත් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

එසේම, විදුලි සැපයුමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වුවහොත් දිවා කාලයේ දී ද පෙර කී කලාප අනුවම විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව පෙරවරු 10 සිට පැය එකයි මිනිත්තු 45 බැගින් පස්වරු 5.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙන අතර පෙරවරු 10 සිට 11.45 දක්වාත්, පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වාත්, පස්වරු 1.30 සිට 3.15 දක්වා සහ පස්වරු 3.15 සිට 5 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

Power-Interuption-Schedule by Rivira Media on Scribd

සම්ප්‍රේෂණ පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙන තෙක්, දින හතරක් පමණ යනතෙක් මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top