,
Environment

සිංහරාජය මැදින් මාර්ගයක් ඉදිකිරීම වහාම අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝගයක්

(RIVIRA.LK, 2020 අගෝස්තු 18 පස්වරු 06.00ට)

සිංහරාජ වනාන්තරය හා ගිං ගඟ අතරින් ඉදි කෙරෙමින් තිබූ මාර්ගයේ ඉදි කිරීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත අගෝස්තු 18 දින නියෝග කර තිබෙනවා.

සිංහරාජය මැදින් කපන පාරේ වැඩි හරියක් යහපාලන කාලෙත් කපලා – පරිසරය සුරැකීම නව රජයේ ප්‍රමුඛ වගකීමක්

සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතින බව අවස්ථා කිහිපයකදීම අනාවරණය කෙරුණි.

මේ සම්බන්ධයෙන් වැසි වනාන්තර සුරකින්නෝ නම් සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමත් සමග යළිත් සමාජයේ දැඩි විරෝධයක් එම මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණි.

ඒ අනුව ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ නිසි පරිදි සොයා බලා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

Rivira Ads
To Top