(RIVIRA.LK, 2020 අගෝස්තු 18 පස්වරු 06.53ට)
තරුණ කටයුතු හා කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඔහු යටතේ ඇති ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව සංගීතඥ අනුෂ්ක ඉරාජ් වීරරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිධූරයට පත් කිරීමටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක ස්ථාවර බලයක් ලබා ගැනීමටත් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් අයෙකු මෙන්ම දක්ෂ සංගීතඥයෙකු ලෙසත් නිෂ්පාදකවරයෙකු ලෙසත් ඉරාජ් වීරරත්න සැළකෙනවා.
මීට පෙර අවස්ථාවක ඔහුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර කළ ද එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් තොරවම එම ධූරය ප්‍රතික්ෂේප කර තිබුණි. ඉරාජ් වීරරත්න එංගලන්තයේෙ Northumbria විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබඳ උපාධියක් ලබාගෙන තිබෙනවා.
මේ අතර තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ විසින් තරුණ පරපුරේ ගායිකාවක් වන ටෙහානි ඉමාරා ද ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස පත් කර තිබෙනවා.
ඇය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ වෙමින් ක්‍රියකාරීව තම දායකත්වය දුන් අයෙක් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නිල තේමා ගීතය සහ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ තේමා ගීතයක් ද ගායනා කර තිබෙනවා.
තවමත් 24 හැවිරිදි වියේ පසුවන ටෙහානි ඉමාරා අලෙවිකරණ පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලබාගෙන තිබෙනවා.

