2020 General Election

කථානායක ධූරය මහින්දට, නියෝජ්‍ය කථානායක ධූරයට රංජිත්

(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 08.31ට)

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තීරණය කර තිබෙනවා.

එසේම නියෝජ්‍ය කථානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පත් කිරීමට ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

එසේම සභානායක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුත් පත් වීමට නියමිතයි.

09 වැනි පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ්, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්

Rivira FB Group Rivira Youtube
To Top