2020 මහමැතිවරණය

ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රය එපා කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිණෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 20 පස්වරු 12.35ට)

09 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අගෝස්තු 20 දින පෙරවරු 09.30 ආරම්භ වූ අතර නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු සහිතව සභිකයින් 223 දෙනෙකු ඊට සහභාගී විය.

එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට මෙතෙක් පුද්ගලයෙකු නම් නොකිරීම නිසා එම ධූර දෙක තවදුරටත් හිස්ව පවතී.

මේ අතර 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ පාර්ලිමේන්තු පරිශ්‍රයට වෙත ළඟාවූයේ දියවන්නා ඔයෙන් පැමිණි බෝට්ටුවකිනි.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී මන්ත්‍රීවරයෙකු වෙත හිමිවන තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා නොගන්නා බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත ප්‍රතිඥාවක් ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ සඳහන් කළේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියවන්නා ඔය සංවර්ධනය කිරිමේ වැඩ පිළිවෙළට අදාළව අද දිනයේදී පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් ඒමට හැකිවූ බවයි.

එසේම ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට ඉදිරියේදී පියවර ගැනීමට නව රජය බලාපොරොත්තුව වන පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස එය භාවිතා කළ හැකි බවයි.

Rivira FB Group Rivira Youtube
To Top