2020 මහමැතිවරණය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

(RIVIRA.LK, 2020 අගෝස්තු 20 පස්වරු 08.30ට)

09 වැනි පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

කැබිනට් අමාත්‍යධූර රැසක් දැරූ ලක්ෂමන් කිරිඇල්ල 08 වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනේ

බොහෝ කාලයක් තිස්සේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත්, පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් කටයුතු කළ ගයන්ත කරුණාතිලකට මෙවර පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරක් හිමි නොවීම ද විශේෂත්වයකි.

Rivira FB Group Rivira Youtube
To Top