(RIVIRA.LK, 2020 අගෝස්තු 20 පස්වරු 08.58ට)
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
අගෝස්තු 20 බ්‍රහස්පතින්දා දින, ක්‍රීඩා අමාත්‍ය, නීතිඥ නාමල් රාජපක්ෂ විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. එසේම එම සභාවේ සෙසු සාමාජිකයින් වෙත ද පත් වීම් ලිපි ප්‍රදානය කිරීමට එහිදී සිදු වුනා.
ඒ අනුව මෙරට ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණුවලට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ස්ථාපිත කර ඇති ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් වන්නේ;
- සභාපති මහේල ජයවර්ධන – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක
- කුමාර් සංගක්කාර – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක
- ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා – යුද හමුදාපති
- ජූලියන් බොලින්ග් – ජාතික පිහිනුම් ශූර
- දිලන්ත මලෙගමුව – මෝටර් රථ ධාවන ශූර
- කස්තුරි චෙල්ලරාජා විල්සන්
- සුපුන් වීරසිංහ
- රොහාන් ප්‍රනාන්දු
- රුවන් කෑරගල
- සංජීව වික්‍රමනායක
- මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි
- රොවෙනා සමරසිංහ
- යස්වන්ත් මුත්තෙටුවෙගම
- අමල් එදිරිසූරිය
එසේම ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරිය ලෙස නීතිඥ තියුමි අබේසිංහ පත් කිරීමට ද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

