දේශීය පුවත්

පාසල් විෂයමාලාවන් නවීකරණයට පියවර

(RIVIRA.LK, 2020 අගෝස්තු 21 පෙරවරු 09.37ට)

උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් පවසයි.

වර්තමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග අගෝස්තු 20 වන දින අධ්‍යෘපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මේ බව ප්‍රකාශ කළේය.

තවද, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව නව වෙනස්කම්වල දී ප්‍රධාන වශයෙන් සලකා බලන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top