(RIVIRA.LK, 2020 අගෝස්තු 21 පෙරවරු 11.32ට)
හිටපු අමාත්‍ය සාගල රත්නායක අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට අගෝස්තු 21 වන දින පෙරවරු 9.30ට කැඳවා බව එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බි හේරත් සඳහන් කරයි.
එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එදිනම ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා ඇති නමුත්, ඔහු කළ ඉල්ලීමකට අනුව ලබන 31 වැනිදා රනිල් වික්‍රමසිංහ එම ඒකකයට කැඳවීමට නියමිත බව එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බි හේරත් පැවසුවේය.
මේ අතර එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගෙන් ඉකුත් 18 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය සාක්ෂි සටහන් කර ගන්නා ලදී. එමෙන්ම, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබන 26 වැනිදා සාක්ෂි ලබාදීමට නියමිතයි.
අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව මේ වනවිට පුද්ගලයින් 262 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබේ. කොමිසම, ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200 කි.
මීට අමතරව, අගෝස්තු 21 වන දිනයේ දී රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ M.A සුමන්දිරන් යන අය දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවට පැමිණීමට නියමිතව ඇත.

