,
News

භූ විද්‍යා කාර්යංශයේ අක්‍රමිකතා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ඇමති පත් කරයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පෙරවරු 10.38ට)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

“භූ විද්‍යා කාර්යාංශය හොර ගුහාවක්” යැයි සඳහන් කරමින් එම ආයතනයේ සභාපති අනුර වල්පොල විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පූර්ණ අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා විමර්ශනයක් සිදු කිරීමට ත්‍රිපුද්ගල තමිටුවක් තමන් විසින් පත් කරන ලද බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.

අගෝස්තු 21 දින පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළ අතර එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද එක් ව සිටියා.

අදාළ කමිටුවේ සභාපතිවරයා වශයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක්ද, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් හා පරිසර අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන නිලධාරියෙක් ද කමිටුවට අයත් වේ.

එමෙන්ම මේ සම්බන්ධව එක දිනක් තුළ මුලික විමර්ශන වාර්තාවක් සකස් කරනු ලැබ ඇති අතර එම මුලික විමර්ශන වාර්තාව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අමාත්‍යවරයා වෙත අගෝස්තු 21 දින බාර දෙනු ලැබීය.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ දූෂිත පුද්ගලයින් කවුරුන් වුවද තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. රාජ්‍ය ආයතන සියල්ල වංචාවෙන් දූෂණයෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළ අනුව මෙම කමිටු විමර්ශන වාර්තාව සති දෙකක් තුළ තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එමෙන්ම මේ සම්බන්ධව කිසියම් පුද්ගලයෙක්, පාර්ශ්වයක් හෝ කෙණ්ඩායමක් වගකිව යුතු බව හෙළිවුව හොත් ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා කීය.

මීට අමතරව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිලිවෙලට සහාය දෙමින් පරිසර අමාත්‍යාංශය කටයුතු කරන බවත් අපේ රටේ නිපදවිය හැකි භාණ්ඩ රැසක් එනම්, ප්ලාස්ටික් කොසු ඉදල් පමණක් නොව පනාව හා ඇල්පෙනෙත්ත පවා ආනයනය කරන අතර ඒවා සියල්ල ආනයනය තහනම් කිරීමට රජය විසින් මේ වනවිටත් දීර්ඝ භාණ්ඩ ලැයිස්තුවක් සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top