,
Business

Credit Card වලින් අධික පොලී අය කළ කාලය අවසන්, මහ බැංකුවෙන් උපරිම පොලී අනුපාතිකයක් ලබා දෙයි, උකස් පොලියත් පහතට

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පස්වරු 05.24ට)

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මූල්‍ය පාලන පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට ණය පොලී අනුපාත තිබෙන්නේ වාර්තාගත පහළම තත්ත්වයේ වුවද ණයපත් (Credit cards) සඳහා බොහෝ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් දැවැන්ත පොලී අනුපාත අසාධාරණ අයුරින් අයකරමින් සිටී.

ඒ අනුව ජනප්‍රිය වානිජ බැංකු පවා පොලී අනුපාතය 28%-30% තරම් ඉහළ අගයක පවත්වාගෙන අයුරු නිරීක්ෂණය කළ හැක.

මේ අනුව ණය කාඞ්පත මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 18% දක්වා අඩු කිරීමට මහබැංකුව තීරණය කර ඇත.

එසේම පූර්ව අනුමැතිය මත ලබාගන්නා තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 24% සිට 16% දක්වා අඩු කිරීමට ද මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මීට අමතරව, රන් ණය සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 10% දක්වා අඩු කිරීමට ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමමින් රට තුළ ඉතාමත් අවම පොලී අනුපාත පවත්වාගෙන යනු ලබන බව පවසන මහ බැංකුව කියා සිටින්නේ එම සහනය මත වාණිජ බැංකුවලට තවදුරටත් පොලී අනුපාත අඩුකිරීමේ හැකියාවක් ඇති බවයි.

ඒ හරහා මූල්‍ය වෙළඳ පොලේ පොලී අනුපාතයන් අඩු කිරීම සඳහා තරඟයක් ඇති කිරීම සිදුවනු ඇත.

Rivira Ads
To Top