දේශීය පුවත්

විග්නේස්වරන්ලා පළමුව දිවුරුම් දී ඇත්තේ වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී – සරත් වීරසේකර

(RIVIRA.LK, 2020 අගෝස්තු 22 පස්වරු 10.53ට)

09 පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී අභිනවයෙන් පත් වූ කථානායකවරයාට සුබපතමින් තමිල් මක්කලෙයි තේෂීය කුට්ටනී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් කළ ජාතිවාදී හා වර්ගවාදී ප්‍රකාශ ඇතුළත් කතාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර තිබෙනවා.

විග්නේස්වරන්ලා පළමුව දිවුරුම් දී ඇත්තේ වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී – සරත් වීරසේකර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික රියාර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ සී.වී. විග්නේස්වරන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්ටිටිඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවයි.

අගෝස්තු 22 මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඔහු කියා සිටියේ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේ සටහන් වී ඇත්නම් එය ඉවත් කිරීමට බල කර සිටින බවත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් කරුණු දැක්වීමට සූදානම් වන බවත් ය.

එසේම සී.වී. විග්නේස්වරන් හා පොන්නම්බලම් වැන්නන් සිටින්නේ රට බෙදීමේ න්‍යාය පත්‍රයේ බව ද අමාත්‍ය සරත් වීරසේකර පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන් සොයා බලා පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන යළිත් සඳහන් කර සිටියා. ඒ අස්ගිරි-මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේ දී යි.

Rivira FB Group Rivira Youtube
To Top