,
Covid-19

ශ්‍රී ලංකාවේ සිදු වූ 12 වැනි කොරෝනා මරණය පිළිබඳ වැඩි විස්තර

(RIVIRA.LK, 2020 අගෝස්තු 23 පෙරවරු 09.44ට – යාවත්කාලීන කිරීම පස්වරු 12.30)

ශ්‍රී ලංකාවේ දී සිදු වූ 12 වැනි කොරෝනා මරණය පිළිබඳ වැඩි දුර තොරතුරු වාර්තා වේ.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ දී සිදු වූ 12 වැනි මරණය අගෝස්තු 23 දින වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසු ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව වැඩි දුරට ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

අගෝස්තු 20 දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු මූලිකව ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අදාළ කාන්තාව තවත් රෝග කිහිපයකින්ම පෙළුනු අයෙකු බව හඳුනා ගැනීමෙන් පසු අගෝස්තු 22 රාත්‍රියේ කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පැමිණි හෘදයාබාධයකින් ඇය මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා. එසේම අදාළ කාන්තාව පිළිකාවකින් පෙළුනු අයෙක් බව සහ හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව හඳුනාගෙන ඇතැයි ද IDH රෝහල සඳහන් කළා.

මියගොස් ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මෙරට සිදු වූ අවසන් කොරෝනා මරණය, එනම් 11 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇත්තේ ජූනි මස 01 දින යි. ඒ අනුව 12 වැනි මරණය වාර්තා වී ඇත්තේ ඉන් දින 83කට පසුවයි.

12th Corona Death Reported … by Rivira Media on Scribd

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top