,
News

වැරදි අමාත්‍යංශය බව කමිටුව කිව්වොත් අඟහරුවාදා සිට විදුලිබල ඇමති ඩලස් නොවේ – ඇමති ඩලස් කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 23 පෙරවරු 10.30ට)

පසුගිය අගෝස්තු 17 දින පැය 6කට අධික කාලයක් රට පුරාම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යැයි ඒ සඳහා සොයා බැලීමට පත් කළ නව පුද්ගල කමිටුව සඳහන් කළොත් තමන් විදුලි බල ඇමතිධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අගෝස්තු 22 ප්‍රකාශ කළා.

අදාළ කමිටු වාර්තාව එළැඹෙන සඳුදා තමන් වෙත බාර දීමට නියමිත බව සඳහන් කළ ඇමතිවරයා කියා සිටියේ එමගින් වරද අමාත්‍යංශයේ නම් අගහරුවාදා සිට විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම නොවන බවයි.

විදුලි බිඳ වැටීම සිදු වෙද්දී තමන් විදුලිබල අමාත්‍යවරයා ලෙස වැඩ බාරගෙන ගත වී ඇත්තේ පැය 96ක් පමණක් වුව ද තමන් එහි වගකීම බාරගෙන වහාම ඉල්ලා අස් වී ඒ ආදර්ශය රටට ලබා දෙන බව කී ඇමතිවරයා තමන් ඒ වන විට දැන සිටියේ විදුලිය යනු ගෙදර මේන් ස්විච්චය හා ටි‍්‍රප් ස්විච්චය ලෙස පමණක් බවත් සඳහන් කළේය.

තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවට ස්තූති කිරීමේ ජනහමු මාලාවට අයත් එක් රැස්වීමකට වැලිගම දී සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top