(RIVIRA.LK, 2020 අගෝස්තු 23 පස්වරු 05.59ට)
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත අධිවේගී මාර්ගයම ආවරණය වන පරිදී නිරීක්ෂණ සීසීටීවී කැමරා සවිකර කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට සිට කොට්ටාව දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා කැමරා 450ක් සවි කිරීම මේ වන අවසන් කර තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට සිට කොට්ටාව දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ගයත්, කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වූ පිටත වටරවුම් අධිවේගී මාර්ගයත්, කටුනායක අධිවේගී මාර්ගයත් ආවරණය කෙරෙන පරිදි මෙම මධ්‍යස්ථානය විසින් සීසිටීවී කැමරා හරහා නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

