(RIVIRA.LK, 2020 අගෝස්තු 23 පස්වරු 07.49ට)
කොවිඩ් 19 ලෝක වසංගත තත්වයේ මුල් කාලයේ දී දකුණු ආසියාවට අවම බලපෑමක් සිදුවුවද අප්‍රේල් මස අග වන විට දකුණු ආසියාව තුළ ද සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. මේ වන විට ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් ලැයිස්තුවේ 3 වන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ දකුණු ආසියාව තුළ මෙන්ම ආසියාවේ ද ඉහළම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට පත් වෙමිනි.
මුල් කාලයේ ඇතැමුන් මත පළ කළේ දකුණු ආසියාවේ කාලගුණික තත්වයන් හේතුවෙන් කොරෝනා වෛරසයේ බලපෑම අවම වී ඇති බවයි. එහෙත් මේ වන විට නිසි කළමනාකාරණයක් හා නිසි පරිදි තීරණ ගැනීමක් නොමැති දකුණු ආසියාතික රටවල් කොරෝනා වෛරසයට බිලි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක. එහිදී ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දී ඇති ආකාරය ද නිරීක්ෂණය වන අතර ලොව බලවත් රටවල් පවා කොරෝනා වෛරසයට බිලි වෙද්දි කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ නායකයින් නිවැරදි වේලාවට නිවැරදි තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබී ඇත.
මේ වන විට දකුණු ආසියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 23 ඉරිදා පස්වරු 6 වන විට 3,717,389ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,791,126කි. සමස්ත ආසාදිතයින් අතුරින් 68,633 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන ආසන්න වශයෙන් 857,630ක් පමණ වේ.
දකුණු ආසියාවට අයත් රටවල් 8 තුළින්ම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවී ඇති අතර ආසාදිතයින් ප්‍රමාණය අතින් පිළිවෙලින් ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ භූතානය සිටී. මෙහිදී පාකිස්ථානයේ පසුකර බංගලාදේශය දෙවැනි ස්ථානයට පත්ව තිබීම ද විශේෂත්වයකි. ඒ ඒ රටවල තත්වය පහතින් විමසා බලමු.
ඉන්දියාවේ තත්වය
ලොව 03 වැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින සහ දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් 3,050,326ක් වාර්තා වී ඇති අතර ඉන් 56,883 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 2,282,358ක් සුවය ලබා ඇති අතර 711,085ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,207ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව වාර්තා වන මරණ ගණන 41කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 25,538ක් පමණ වේ.
බංගලාදේශයේ තත්වය
ලොව 15 වැනියට සහ දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බංගලාදේශයෙනි. බංගලාදේශයෙන් මේ වන විට ආසාදිතයින් 294,598ක් වාර්තා වී ඇති අතර ඉන් 3,941 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 179,091ක් සුවය ලබා ඇති අතර 111,566ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,786ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 24කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 8,747ක් පමණ වේ.
පාකිස්ථානයේ තත්වය
ලොව 16 වැනියට සහ දකුනු ආසියාවෙන් තෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 292,765ක් වාර්තා වී ඇති අතර ඉන් 6,235 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 275,836ක් සුවය ලබා ඇති අතර 10,694ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,322ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 28කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 11,016ක් පමණ වේ.
ඇෆ්ගනිස්ථානයේ තත්වය
ලොව 60 වැනියට සහ දකුනු ආසියාවෙන් සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇෆ්ගනිස්ථානයෙන් වේ. මේ වන විට ආසාදිතයින් 37,999ක් වාර්තා වී ඇති අතර ඉන් 1,387 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 28,180ක් සුවය ලබා ඇති අතර 8,432ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 973ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 36කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,586ක් පමණ වේ.
නේපාලයේ තත්වය
ලොව 65 වන ස්ථානයට සහ දකුනු ආසියාවෙන් පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ නේපාලයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 31,935ක් වාර්තා වේ. ඉන් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 18,631ක් සුවය ලබා ඇති අතර 13,155ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,093ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 5කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 30,976ක් පමණ වේ.
මාලදිවයිනේ තත්වය
ලොව 101 වැනි ස්ථානයට සහ දකුනු ආසියාවෙන් හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාලදිවයිනෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 6,660ක් වාර්තා වේ. ඉන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 4,113ක් සුවය ලබා ඇති අතර 2,521ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 12,291ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 48කි. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 102,682ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව 189,497ක් පමණ වේ. (මාලදිවයිනේ සමස්ත ජනගහණය මිලියනයකට වඩා අඩු අතර එය 539,313ක් පමණ බව සළකන්න.)
ශ්‍රී ලංකාවේ තත්වය
ලොව 122 වන ස්ථානයේ සහ දකුනු ආසියාවෙන් හත්වැනියට වැඩිම සහ දෙවැනියට අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවේ මේ වන විට ආසාදිතයින් 2,951ක් වාර්තා වී ඇති අතර ඉන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 2,805ක් සුවය ලබා ඇති අතර 134ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. මෙරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 138ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 0.6කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 9,612ක් පමණ වේ.
දැනට දින සතියක පමණ කාලයක සිට රට අභ්‍යන්තරයෙන් නව ආසාදිතයින් වාර්තා වී නොමැති අතර රට තුළ ඇති වූ කොරෝනා පොකුරු අතරින් සියලුම පොකුරු පාහේ අක්‍රීය වී තිබෙනවා. නව ආසාදිතයින් වාර්තා වන්නේ විදේශයන්ගේ සිට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයින් අතරින් වන අතර විදේශන් හී සිට පැමිණි විදේශිකයින් කිහිප දෙනෙකු ද ආසාදිතව පැමිණ ප්‍රතිකාර ලබමින් සිටී. විදේශයන්ගේ සිට ආසාදිතව පැමිණි පිරිස හැරුණු කොට රට අභ්‍යන්තරයෙන් හමු වූ අවසන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු පමණක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙකුත් සියලුම දෙනා සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කාලය තුළ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.
භූතානයේ තත්වය
ලොව 188 වන ස්ථානයේ සිටිමින් දකුනු ආසියාවේ අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ භූතානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 155ක් වාර්තා වේ. භූතානයේ මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැත. ආසාදිතයින් 112ක් සුවය ලබා ඇති අතර 43ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 201ක් වේ. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 79,328ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව එම අගය 102,648ක් පමණ වේ. (භූතානයේ සමස්ථ ජනගහණය මිලියනයකට වඩා අඩු වන අතර 770,540ක් පමණ වන බව සළකන්න.)

