දේශීය පුවත්

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපතිධූරයෙන් සාලිය පීරිස් ඉල්ලා අස්වෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 24 පස්වරු 02.02ට)

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධූරයට තරඟ කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් එහි ප්‍රචාරණ කටයුතු කෙරෙහි වැඩි අවධායක් යොමු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

2020 සැප්තැම්බර් 30 සිට බලපැවැත්වෙන පරිදි තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබෙනවා.

යහපාලන රජය විසින් ජාත්‍යන්තරයට සිදු වූ පොරොන්දුවක් ප්‍රකාරව 2018 වසරේ දී පිහිටු වූ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ පළමු සභාපතිවරයා සාලිය පිරිස් වේ. “ශ්‍රී ලංකාවේ දී අතුරුදහන් වූ සියලු දෙනාගේ තත්ත්වය තීරණය කිරීම” සහ අදාළ ආයතන වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වී තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සෙසු සාමාජිකයින් වන්නේ ජයදීප පුන්‍යමූර්ති, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ඒ. පීරිස්, නිමල්කා ප්‍රනාන්දු, මිරක් රහීම්, සෝමසිරි ලියනගේ සහ කනපතිපිල්ලෙයි වෙන්තාන් ය.

Rivira FB Group Rivira Youtube
To Top