දේශීය පුවත්

සිරකරුවන් 3ක් සියදිව් තොර කර ගනී

(RIVIRA.LK, 2020 අගෝස්තු 24 පස්වරු 11.14ට)

රජය විසින් මත්ද්‍රව්‍යවලට එරෙහිව දියත් කර ඇති මර්දන වැඩපිලිවෙළ හේතුවෙන් බන්ධනාගාර තුළ සිටින මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රැඳවියන් තිදෙනෙකු පසුගිය සතිය තුළ දී සියදිවි නසාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දේනිය අනාවරණය කළා.

මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් අගෝස්තු 24 දින ඔහු මේ බව සඳහන් කළා. එසේම අද දින සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය ආරක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය යොදවා ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

එසේම බන්ධනාගාර අධිකාරි වෙත ලැබුණු තොරතුරක් මත කළ සොයා බැලීමක දී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රහසිගතව වළලා තිබූ ජංගම දුරකථන 19ක් ඇතුළු උපකරණ රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top