(RIVIRA.LK, 2020 අගෝස්තු 25 පෙරවරු 11.40ට)
බුවනෙකබාහු රාජ මණ්ඩපය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අගෝස්තු 25 දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව අදාළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අභියාචනාධිකරණ පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව ද විනිසුරු මඩුල්ල දන්වා තිබේ.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසියට හෝ ඊට සහාය වන මහේස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් සිදු නොවන බව අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල අවධාරණය කර තිබේ.
- අධිකරණ වාර්තාකරු
වැඩිදුරටත් කියවන්න
වරෙන්තුව අත්හිටුවන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙනුත් පෙත්සමක්
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්
වැරදිකරුවන්ට දඩුවම් දී වියදම් අයකරගන්න – කමිටුවෙන් අගමැතිට යෝජනා
කඩා බිඳ දැමූ බුවනෙකභාහු රජුගේ අට්ටාලය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර, කඩා බිඳ දැමූවන් තවමත් නිදැල්ලේ – මෙතෙක් කතාව

