දේශපාලන

විග්නේස්වරන්ගේ සම්පූර්ණ කතාව මෙන්න – Full Speech of CV Vigneswaran

(RIVIRA.LK, 2020 අගෝස්තු 25 පස්වරු 12.35ට)

හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිශ්චයකාරවරයෙකු හා උතුරු පළාතේ හිටපු මහ ඇමති, තමිල් මක්කල් තේෂීය කුට්ටනී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේස්වරන් විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයාට සුබපතමින් සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. එම කතාව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් සිදුකළා.

එහෙත් මේ වන විට අදාළ ප්‍රකාශය හැන්සාඩ් ගත වී තිබෙන අතර පහතින් ඇත්තේ එම සම්පූර්ණ ප්‍රකාශයයි. ප්‍රකාශයට පහතින් සම්පූර්ණ කතාවේ සරල සිංහල පරිවර්ථනයක් ද ඇතුළත් වේ.

I start my felicitations, Hon. Speaker, hailing you in my mother tongue, the oldest living language of this world and the language of the first indigenous inhabitants of this country, and proceed in the link language. I thank you for accepting such a high position in our Parliamentary tradition. Sir, I am sure, you would bring with your high Office your experience with men and matters gained throughout your long political career.

We have a very powerful Government now. A similar Government was constituted under the late J.R. Jayewardene in 1977. It was during that regime that we had the 1983 Pogrom. Certainly, this Government too could follow the path of the Elephant of that time and end up as today reduced to a single Member in the future.

But, I am sure they would not. They would prefer to learn from our mistakes of the past and usher in a period of peace and prosperity where all communities would feel equal to each other and walk with dignity and pride as children of Mother Lanka. That freedom and equality could dawn only if we shed the false historical perspectives of the past and recognize the intrinsic rights of the people living in the North and the East of Sri Lanka, who are entitled to the right of self determination as per Article 1 of Chapter one of the International Covenant on Civil and Political Rights in addition to their hereditary and traditional rights to be recognized as a nation.

Sir, I hope, we would not be called upon in this August Assembly of Parliamentarians in the future, during your term of Office, for your protective assistance since we would respect each other’s rights and our duties towards each other. We are sure that you will guide us all without fear or favour if any such impasse comes to pass. There is no need Sir, in a country which professes Buddhism to expect a hegemonic dominance from anyone. We have not forgotten what the Sinhala villager is only too well familiar with, that every act has its opposite reaction;කළ කළ දේ පල පල දේ

සිංහල පරිවර්ථනය පහතින්

ගරු කථානායකතුමනි, මේ ලෝකයේ පැරණිතම ජීවමාන භාෂාව සහ මේ රටේ පළමු ස්වදේශිකයින්ගේ භාෂාව වන මගේ මව් බසින් ඔබට ප්‍රශංසා කර, සම්බන්ධක භාෂාවෙන් (ඉංග්‍රීසි) ඉදිරියට යමි. අපගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මෙතරම් උසස් තනතුරක් පිළිගැනීම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙමි. සර්, මට විශ්වාසයි, ඔබේ දීර්ඝ කාලීන දේශපාලන ජීවිතය තුළ මිනිසුන් සමඟ සහ ගැටළු පිළිබඳ ඇති අත්දැකීම් ඔබ ඔබේ තනතුරට උසස් තත්වයක් ගෙන ඒමට භාවිතා කරනු ඇති බවට.

අපට දැන් ඉතා බලවත් රජයක් ඇත. 1977 දී දිවංගත ජේ. ආර්. ජයවර්ධන යටතේ ද එවැනිම රජයක් පිහිටුවන ලදී. 1983 වධබන්ධනයන් සිදුවන කාලයේ පැවතියේ එම රජයයි. නිසැකවම, මෙම රජයට ද එවකට පැවති අලියාගේ මාවත අනුගමනය කළ හැකි අතර අනාගතයේ දී අද දින තනි සාමාජිකයෙකු දක්වා අඩු වී ඇති අලියාට අත් වූ ඉරණම අත් විය හැකියි.

නමුත්, මට විශ්වාසයි ඔවුන් එසේ නොකරන බව. ඔවුන් අතීතයේ අප කළ වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමටත්, සියලු ප්‍රජාවන්ට එක හා සමාන යැයි හැඟෙන සාමය හා සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් ඇති කිරීමටත්, ලංකා මවගේ දරුවන් ලෙස අභිමානයෙන් හා ආඩම්බරයෙන් ඉදිරියට යාමටත් ඔවුන් කැමති වනු ඇත.

එම නිදහස හා සමානාත්මතාවය උදාවිය හැක්කේ ව්‍යාජ ඓතිහාසික දෘෂ්ටිකෝණයන් ඉවත දමා, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ නිජ අයිතිවාසිකම් හඳුනාගෙන, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පළමු පරිච්ඡේදයේ 1 වන වගන්තිය අනුව ස්වයං නිර්ණ අයිතිය සඳහා ඇති අයිතිය සහ එම පාරම්පරික උරුමයට අමතරව සම්ප්‍රදායික අයිතිවාසිකම් අනුව දේශයක් (nation) ලෙස ලෙස හඳුනාගැනීම තුළිනි.

සර්, මම බලාපොරොත්තු වෙනවා, අනාගතයේදී ඔබගේ නිල කාලය තුළ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ඔබගේ ආරක්ෂක සහාය සඳහා අප නොකැඳවනු ඇති බව. මන්ද අපි එකිනෙකාගේ අයිතිවාසිකම් සහ එකිනෙකා කෙරෙහි අපගේ යුතුකම් වලට ගරු කරන බැවිනි. එවැනි බාධාවක් ඇති වුවහොත් ඔබ, අප සියල්ලන්ම බියෙන් හෝ අනුග්‍රහයකින් තොරව මෙහෙයවන බව අපට විශ්වාසයි.

බුදුදහම පිළිගන්නා රටක කිසිවෙකුගෙන් අධිපතිවාදී ආධිපත්‍යයක් අපේක්ෂා කිරීම අවශ්‍ය නොවේ, සර්. සිංහල ගම්වැසියාට සෑහෙන්න හුරුපුරුදු දෙයක් අපට අමතක වී නැත. ඒ තමයි සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බවයි. එනම් “කළ කළ දේ, පල පල වේ”.

හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගත් සම්පූර්ණ කථාවේ සරල සිංහල පරිවර්ථනයක් බව කරුණාවෙන් සළකන්න.

Rivira FB Group Rivira Youtube
To Top