News

රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස පත් වූ 37 හැවිරිදි තරුණ කතිකාචාර්යවරයා

(RIVIRA.LK, 2020 අගෝස්තු 25 පස්වරු 02.27ට)

නව රජයේ රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අගෝස්තු 19 දින පැවති කැබිනට් රැස්වීමේ දී සිදු කෙරිණ.

එහිදී, ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ කේ.එච්. රවීන්ද්‍ර සමරවික්‍රම යි.

1983 මැයි 14 දින උපත ලබා ඇති ඔහු මේ වන විට 37 වැනි වියේ පසු වෙයි. රාජ්‍ය අමාත්‍යංශයක ලේකම් ධූරයට පත් වූ ළාබාලතම නිලධාරියෙකු ලෙස එය වාර්තා වන අතර එම තනතුරට පත් කිරීමට පෙර සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා සිද්ධාන්ත අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා වශයෙන් සේවය කළ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ සිය මූලික උපාධිය ලබාගෙන ඇති රවීන්ද්‍ර සමරවික්‍රම එම විශ්වවිද්‍යාලයෙන්ම අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ දර්ශනපති උපාධිය ලබාගෙන තිබෙනවා.

2010 වසරේ දී නිල් බලකාය සංවිධානය සමග දේශපාලන කටයුතුවල නිරත වී ඇති ඔහු පසුව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ඉදිරිපෙළ සංවිධායකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධූරයට දැරූ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ⁣ලේකම්වරයා ලෙස ද 2020 ජනවාරි මස සිට රවීන්ද්‍ර සමරවික්‍රම කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top