කොවිඩ්-19

සති දෙකක් තුළ ඇමරිකාවේ ළමුන් 74,000කට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 26 පස්වරු 02.00ට)

සති දෙකක් තුළ දී අමෙරිකාවේ ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. මේ දක්වා එරට සිටින දරුවන් 443,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අගෝස්තු මස 06 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 358,469ක් වූ බවත් අගෝස්තු 20 වෙනිදා නිකුත් වූ නවතම වාර්තාව අනුව එය 432,629ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ඇමරිකාවේ ළමුන් මිලියනයකට 583ක් තරම් වූ අගයකි.

නවතම වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ ඉකුත් සති දෙකක කාලය තුලදී අමෙරිකාවේ දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය සීයයට 21කින් ඉහළ ගොස් තිබෙන බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top