,
News

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම දින නියමයක් නොමැතිව කල් දමයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 26 පස්වරු 02.27ට)

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමේ කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ඉක්මවා යාම හේතුවෙන් ය.

ඊශ්‍රායාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන්ව ඇත. එම නිවේදනයේ දැක්වෙන පරිදි, ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා බවයි

තවද, ඊශ්‍රායලය තානාපති කාර්යාලය නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලයේ රැඳී සිටින ලාංකිකයින්ට මෙම මස 30 වෙනිදා සංවිධානය කර තිබු විශේෂ ගුවන් ගමන ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top