කොවිඩ්-19

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දස දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 26 පස්වරු 07.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 26 වන බදාදා පස්වරු 5.00 වන විට 2,982ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අගෝස්තු 26 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 11ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

කන්දකාඩු පොකුරට අදාළව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින රැඳවියන් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, කන්දකාඩු පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 640 දක්වා ඉහළ යනු ඇති. වාර්තා වූ අනෙක් ආසාදිතයා කෙන්නියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,819කි. සමස්ත ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 151ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
To Top