,
Business

ඉහළ ගිය රන් මිල යළිත් පහළට

(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පෙරවරු 10.12ට)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ඉහළ ගිය රත්තරන් සඳහා වූ වෙළඳපොල මිල මේ වන විට පහළ බසිමින් පවතිනවා. ඒ අනුව, මෙරට වෙළඳපොලේ මේ වන විට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 91,000ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 99,000ක් ලෙසත් සටහන් වන බව වෙළඳපොල ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය අගෝස්තු 08 වන දින වන විට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 109,500ක් ලෙසත් සටහන් විය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top