දේශීය පුවත්

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ හට එම ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පෙරවරු 10.21ට)

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ හට එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ කටයුතු කර තිබෙනවා.

සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277/1 වගන්තියේ සදහන් වැරදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිදුකර ඇත්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව ද වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන්, වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වීරවර්ධන පත් කර තිබෙනවා.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මාතලේ නගරාධිපතිවරයාගේ සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුලත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව, 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277 (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.

මීට අමතරව, මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top