(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පස්වරු 01.41ට)
09 වැනි පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ලෙස ඉදිරිපත් වී ඇත්තේ විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප‍්‍රකාශයට පත් කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් යෝජනාවයි.
අදාළ යෝජනාව ඊයේ (26) දිනයේදී පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාරදුන් බව මන්ත්‍රී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළා. එහිදී, කුමන ජාතියක වුව ද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව සඳහන් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්රමිත බණ්ඩාර තෙන්නකොන්, අදාළ නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ද පවසා සිිටියා.
මේ අතර, මෙරටේ විවාහ රෙජිස්ට්‍රාර් නීතිය ද වෙනස් කරන්නැයි එම පනත් කෙටුම්පත වැඩිදුරටත් යෝජනා කර තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. ඒ අනුව, මේ පනත් කෙටුම්පත මැති සබයේදී නුදුරු දිනෙක විවාදයට ගැනීමට නියමිතයි.

