,
Covid-19

නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි ගැබිණියකට කොරෝනා ආසාදිත බව තහවුරු වෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පස්වරු 04.09ට)

ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායිහි සිට ලංකාවට පැමිණ ඇති අතර වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්ව තිබේ. එහිදී සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණවල දී ඇය කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.

පසුව අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පැවසුවාය.

23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2984ක් වේ. අගෝස්තු 27 වන දින තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2830 දෙනෙකු සුවය ලබා ඇත. තවත් ආසාදිතයින් 142 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Rivira Ads
To Top