දේශීය පුවත්

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

(RIVIRA.LK, 2020 අගෝස්තු 27 පස්වරු 07.07ට)

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසුවේ අගෝස්තු 27 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

මේ සඳහා 2019 නොවැම්බර් මස 27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

2020 වර්ෂයේ දෙවන භාගයේ දී ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට අනුගතව පහත් සඳහන් පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත
  • 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත
  • 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත
  • 2018 අංක 35 දරන මුදල් පනත

එමෙන්ම, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත හා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top