,
Environment

ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 අගෝස්තු 28 පස්වරු 06.18ට)

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර ඇති පැමිණිල්ලක් මතයි.

මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේ අදාළ සැකකරුගේ නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එළිපෙහෙළි කිරීම සඳහා යොදා ගත් අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 25 වන අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි. එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

මේ වන විට, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව, එහි මූලික පියවරක් ලෙස වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් හා නඩු භාණ්ඩ අනාවරණය කරගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය සමඟ එක්ව සිදු කරයි.

එම විමර්ශන කටයුතු වලට අදාළ අගෝස්තු 28 වන දින මෙම සැකකරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

සම්බන්ධිත පුවත්

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top