(RIVIRA.LK, 2020 අගෝස්තු 29 පෙරවරු 10.37ට)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් පසුගිය අගෝස්තු 25 වන දින රාත්‍රියේ අනවසරයෙන් එළි පෙහෙළි කිරීමේ සිද්ධියට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයෙකු අගෝස්තු 29 වන පුත්තලම පොලීසිය වෙත භාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කටයුතු වලට අදාළ අගෝස්තු 28 වන දින අභය භූමියට අයත් ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්නවලදී අදාළ ව්‍යාපාරිකයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර එම ව්‍යාපාරිකයා ඉස්සන් ව්‍යාපාරිකයෙක් බවත් වාර්තා වේ. එම ව්‍යාපාරිකයා පිළිබඳව අගෝස්තු 28 වන දින රාත්‍රියේ විමර්ශන සිදු කර ඇති අතර ඔහු උඩප්පුව පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව, එහි මූලික පියවරක් ලෙස වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් හා නඩු භාණ්ඩ අනාවරණය කරගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය සමඟ එක්ව සිදු කරයි.
සම්බන්ධිත පුවත්
- ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට
- ආනවිලුන්දාව ඩෝසර් කිරීම ගැන වන ජීවි නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරයි

