,
Foreign

චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට

Photo -(STR/CNS/AFP)

(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පෙරවරු 10.02ට)

චීනයේ ෂැන්සි (Shanxi) පළාතේ, ලින්ෆෙන් (Linfen) නගරයේ පිහිටි දෙමහල් අවන්හලක් පසුගිය අගෝස්තු 29 වන සෙනසුරදා උදෑසන කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.

මේ වන විට, ගලවා ගැනීමේ නිලධාරීන් 100ක් පමණ යොදා ගෙන සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සොයා ගැනීමේ මෙහෙයෙුම් සිදු කරන බව විදෙස් මාධ්‍යයන් වැඩිදුරටත් වාර්තා කරයි.

මීට පෙර, චීනයේ පසුගිය මාර්තු මාසයේ දි ද පුද්ගලයින් නිරෝධායනය සඳහා යොදා ගත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා. එමෙන්ම, 2019 වසරේ චීනයේ ෂැන්හායි නුවර ව්‍යාපාරික ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් ද පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Rivira Ads
To Top