(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 04.10ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 30 ඉරිදා පස්වරු 2.30 වන විට 2,998ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,860කි. සමස්ත ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 123ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 52ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 95.49%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 11 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- IDH රෝහල – 02
- වැලිකන්ද මූලික රෝහල – 05
- ඉරණවිල රෝහල – 01
- මිනුවන්ගොඩ මූලික රෝහල – 03
අගෝස්තු 30 වන දින පෙරවරු 10.00 වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,995 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 38
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1064
- කන්දකාඩු කොරෝනා පොකුර – 630
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
විදේශයන්ගේ සිට පැමිණෙන ආසාදිතයින් තවදුරටත් වාර්තා වන අතර අගෝස්තු 29 වන දින වාර්තා වී ඇති ආසාදිතයින් 6 දෙනා ද විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් වේ. සමස්ත ආසාදිතයින් අතුරින් 1,102 දෙනෙකුම විදේශන් හී දී ආසාදිත වී මෙරටට පැමිණි අයයි.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් සංඛ්‍යාව 05 දක්වා අඩු වී ඇති අතර දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 123 අතුරින්,
- IDH රෝහල – 28
- වැලිකන්ද මූලික රෝහල – 63
- ඉරණවිල මූලික රෝහල – 30
- මිනුවන්ගොඩ මූලික රෝහල – 01
- මුල්ලේරියාව රෝහල – 01 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 223, 982ක් වන අතර අගෝස්තු 29 දින පරීක්ෂණ 2,072ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. මේ වන විට මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 10,466ක් ඉක්මවා තිබෙනවා.

