(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 06.20ට)
ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ විවාහ මංගල උත්සවය අගෝස්තු 28 දින පැවැත්වුනා.
මංගල ඡායාරූපකරණයේ ප්‍රවීනයෙකු මෙන්ම ගායකයෙකු ලෙස ද ජනාදරයට පත් වී සිටින දයාන් විතාරණ ද එම මංගල උත්සවයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ දී ලබා ගත් මංගල ඡායාරූපයක් සටහනක් ද සමගින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.
එම සටහන පහතින්.
“සාරංග සහ දිනක්ෂි යුග දිවියට …………….
ඊයේ දිනයේ යුග දිවියට පත් නූතනයේ ජනප්‍රිය තාරකාවන් යුගලක් වූ සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් දෙදෙනාගේ මංගල උත්සවයට මම ද ඊයේ රාත්‍රියේ සහභාගී වූ අතර එම මොහොතේ ඇසිල්ලකින් ගත් ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූපය මෙසේ ඔවුන් වෙත තිළිණ කරමි.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් සතුටින් යෙහෙන් දිවි ගෙවන්නට ඔවුන් දෙදෙනාටම ආසිරි ගෙන එමි !!!
ළබැඳි දයාන් අයියා ….”



