(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පෙරවරු 11.21ට)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගෝස්තු 31 දින පෙරවරුවේ පැමිණ තිබෙනවා.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත කළ දැනුම් දීමක් අනුවයි.
අගෝස්තු 21 දින පැමිණෙන ලෙස හිටපු අගමැතිවරයාට මීට පෙර දැනුම් දී තිබුණ ද එදිනට පැමිණිය නොහැකි බවත් 31 දින පැමිණිය හැකි බවත් සඳහන් කර තිබුණා.
එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, නීතිඥ අකිල විරාජ් කාරියවසම් ද අදාළ පොලිස් ඒකකයට මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව ද වාර්තා වේ.
රනිල්, සාගල හා රුවන් පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසම හමුවට කැඳවයි

