ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන සංශෝධන කෙටුම්පත මීළඟ කැබිනට් රැස්වීමට, විශේෂ කරුණු මෙන්න

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 12.34ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කිරීමෙන් පසුව නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

එසේම අධිකරණ අමාත්‍යංශයේ ආරංචි මාර්ග රිවිර.lk වෙත සඳහන් කළේ අදාළ කෙටුම්පත නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයා මගින් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවයි.

රිවිර.lk වෙත වාර්තා වන පරිදි 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වී ඇති කරුණු අනුව ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 5 දක්වා ඉහළ දමමින් ඝන පූරණය 3ක් ලෙස සංශෝධනය වීමට නියමිත බව දැනගන්නට ඇත.

අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දැමූ සීමා කිරීම 20 සංශෝධනය තුළ අන්තර්ගත නොවන බව ද රිවිර.lk වෙත දැන ගැනීමට ඇත. ඒ අනුව ඉදිරියේ දී ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට බාධාවක් නොවන බව දැනගැනීමට ඇත.

මීට අමතරව, නියෝජ්‍ය අග්‍රාමාත්‍යධූරයක් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වී නොමැති බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට අමතරව රජයේ ඉහළ තනතුරු පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කර තිබූ තනතුරු කිහිපයක් ඉන් ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇති බව රිවිර.lk වෙත වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top