,
Criminal Records

සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා ඇප මත නිදහස්

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 04.19ට)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 31 දින ඇප මත නිදහස් කර තිබෙනවා.

අධිකරණය මගහැර සිටි අනුරුද්ධ සම්පායෝ අගෝස්තු 02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සම්පායෝ ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර ඔහු ඇතුලු සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ජූලි 22 වන දිනයි.

ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණය වෙත භාර වී තිබු අතර අධිකරණය විසින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 31 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇප ලබා දිය නොහැකි වරදක් කර නොමැති බව නිගමනය කරමින් ඇප මත නිදහස් කර තිබෙනවා.

Rivira Ads
To Top