දේශීය පුවත්

අධිකරණයට අපහාස කළැයි වෙබ් මාධ්‍යවේදියෙකු CID අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 07.55ට)

වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ බිරිඳ පවසනවා.

අගෝස්තු 31 පස්වරුවේ බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පළ කළ බවට වූ චෝදනා මත බව ද ඔහුගේ බිරිද මාධ්‍ය වෙත සඳහන් කළා ය.

එහිදී ඔහුට අයත් පරිගණක යන්ත්‍ර දෙකක්, ජංගම දුරකතන ඇතුළු උපකරණ කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top