කොවිඩ්-19

කටාර් සිට පැමිණි 54කට කොරෝනා

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 01 පෙරවරු 01.00ට)

පසුගියදා කටාර් සිට දිවයිනට පැමිණි ගුවන් යානයේ සිටි මගීන් 398 දෙනෙකු අතරින් 54 දෙනෙකුට ම මේ වන විට කොරෝනා වෛරරසය ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරයි.

ඒ, 54 දෙනා අතරට සැප්තැම්බර් 01 වන දින පෙරවරු 10.00 වන විට තහවුරු වූ ආසාදිතයින් 22ක් ද ඇතුළත් වේ. අනෙක් ආසාදිතයින් 32 දෙනා වාර්තා වූයේ අගෝස්තු 31 වන දින පස්වරුවේ ය. ඒ අනුව, කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකුට අගෝස්තු 31 වන දින පෙරවරු 10 සිට සැප්තැම්බර් 01 වන දින පෙරවරු 10.00 කාලය තුළ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙරටින් අගෝස්තු 31 වන දිනයේ දී නව ආසාදිතයින් 37ක් වාර්තා වු අතර එයින් තිදෙනෙකු ඉන්දීය ජාතික නාවිිකයින් වන අතර අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වේ. අනෙක් 32 දෙනා ඉහත සඳහන් කළ කටාර් සිට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3071 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයින් 2868 දෙනෙකු සුවය ලබා ඇති බව සඳහන් වේ. දැනට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.

Rivira FB Group Rivira Youtube
To Top