News

අධිකරණයට අපහාස කළැයි අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදියා රක්ෂිත බන්ධනාගාරයට

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 01 පස්වරු 2.47ට)

අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පළ කළ බවට වූ චෝදනා මත අගෝස්තු 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණන අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වෙබ් මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැප්තැම්බර් 01වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අලුත්කඩේ අංක 6 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින් නියෝග කර තිබෙනවා.

අගෝස්තු 31 පස්වරුවේ බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ දී චතුරංග ද අල්විස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට අයත් පරිගණක යන්ත්‍ර දෙකක්, ජංගම දුරකතන ඇතුළු උපකරණ කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top