(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 01 පස්වරු 5.13ට)
ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව, ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවකට සහභාගී වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා ජනාධිපතිවරයාට ආරාධනා නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය සියලුදෙනාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ජනාධිපති රාපක්ෂ මැතිතුමා කෙරෙහි ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවකට එක්වන ලෙස එතුමාට ඇරයුම් කරන බවත් ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි ඇති බැඳීම එතුමා මහත් සේ අගය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
එසේ වුවද, නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැප කිරීමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

