(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 12.30ට)
මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ යම් කම්පන තත්වයක් හෝ සෙලවීමක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා.
එම කාර්යංශයේ භූ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ උදය ද සිල්වා සඳහන් කළේ අදාළ සෙලවීම සැප්තැම්බර් 02 පෙරවරු 07.06ට පමණ වාර්තා වී ඇති බවත් එම තත්වය භූ චලනයක්දැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
එසේම මෙම සිදුවීම හා අගෝස්තු 29 දින මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදවූ සෙලවීම පිළිබඳ විමර්ශන සිදුකරගෙන යන බව ද භූ විද්‍යා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
“මහනුවර කම්පනය, භූමි කම්පාවක් නොවේ” – භූ විද්‍යා කාර්යංශය

