(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 02.21ට)
ගම්පහ දිස්ත්‍රක්කයේ, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගහවත්ත පොලීසිය සමත්ව තිබෙනවා.
සැප්තැම්බර් 02 පෙරවරුවේ දී පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23 සමග එක් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලීසිය පැවසුවා.

