ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන සංශෝධනයේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය, ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා මුද්‍රණාලයට යොමු කරයි

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 08.52ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සැප්තැම්බර් 02 දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා කිරීම ඇතුළු කරුණු පමණක් නොවෙනස්ව පවතින බවත් අනෙකු සියලු කරුණු සංශෝධනයට ලක් කෙරෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර, පනත් කෙටුම්පත අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුව තුළින් පමණක් සම්මත කළ හැකි බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top