ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයට 09 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක්

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 12.40ට)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව වෙත සැප්තැම්බර් 02 දින පැවති කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රකට නීතිවේදියෙකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යි.

  • ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා - සභාපති
  • ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
  • ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
  • භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජී.එච්. පීරිස්
  • ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
  • මහාචාර්ය, නීතිඥ නසීමා කමර්දීන්
  • ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ
  • මහාචාර්ය, නීතිඥ වසන්තා සෙනෙවිරත්න
  • ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, නීතිඥ සර්වෙස්වරන් අරුලානන්දම්
Rivira FB Group Rivira Youtube
To Top