ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්න

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 04.44ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

අගෝස්තු 28 දිනැතිව, සැප්තැම්බර් 02 දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා සැප්තැම්බර් 02 දින පැවති කැබිනට් රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගෙන තිබුණි.

සැප්තැම්බර් මස මැද වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ අතර, පනත් කෙටුම්පත අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුව තුළින් පමණක් සම්මත කළ හැකි බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

සම්පූර්ණ පනත් කෙටුම්පත මෙතැනින්

20th Amendment Draft Sri Lanka by Rivira Media

Rivira FB Group Rivira Youtube
To Top